ඩුබායිහි සැඟව සිටින රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මෙරට මුදල් කටයුතු පරිපාලනය සිදුකළ අඹු සැමි යුවළක් රුපියල් ලක්ෂ 14 ක මුදල් තොගයක් සමග අතුරුගිරිය ඔරුවල සුඛෝපභෝගී දෙමහල් නිවසක දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කුඩු අංජු නමැත්තාගේ ඥාති සහෝදරයකු බව පොලිසිය සඳහන් කරයි.
රත්මලාන හා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පදිංචිව සිට එයින් ඉවත් වී ආරක්ෂිත ස්ථානයක් ලෙස අතුරුගිරිය ඔරුවල ෆිල් ගාඩන් හි දෙමහල් නිවසේ පදිංචියට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.
විදේශගතව සිටින අංජුගෙ මඟ පෙන්වීම අනුව ත්‍රීරෝද රථයකින් ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කිරීම සිදු කර පසුව සුඛෝපභෝගී මොටර් රථයක් කුඩු අංජු ඒ සඳහා ලබාදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍ය විකුණා උපයන ලද එම මුදල් ගණන් කිරීම සඳහා සැකකරුගේ බිරිඳ හවුල් වී ඇතැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් සිදු කරනු ලැබු විමර්ශනවලදි හෙළි කරගෙන ඇත.
සැකකාර අඹු සැමි යුවල අතුරුගිරිය ප්‍රදේශයේ දී 2021 වසරේ ජූනි මස තුන්වෙනි දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සමඟ අතුරුගිරිය පොලිස් අත්අඩංගුවට පත්වීම මෙන්ම, රත්මලාන ප්‍රදේශයේ වෙඩි තැබීමකට අදාළව 2020 අතරේදී ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ සැකකරු අත්අඩංගුවට පත් වී තිබූ බව පොලිසිය පවසයි.
සැකකාර අඹුසැමි යුවළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් ගිණුම් ගත කර තිබේද? වාහන හා දේපල මිලදී ගෙන තිබේද? යන්න තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය කිය.
සැකකාර යුවල වයස අවුරුදු 26 හා 32 අතර පසුවන බව පොලීසිය වැඩිදුරටත් පැවසයී.
0 Comments