තෙල්, වරාය වැඩ වර්ජන කලොත් රස්සාවට දාන්න ඔ්න තරම් පිරිස් ඉන්නවා..

 


වරායට, තෙල් සංස්ථාවට සේවය සඳහා යොමු කිරීමට ඇති තරම් තරුණ තරුණියන් සිටින බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

වරායටත් තෙල් සංස්ථාව අනෙකුත් ආයතන වලටත් සේවයට පැමිණීමට බලාගෙන පෝලිමේ ඔවුන් සිටින බවද හෙතෙම පවසයි.

උද්ඝෝෂණ කර ආණ්ඩුව පෙරළන්න රාජ්‍ය සේවකයන් සිතා සිටින්නේ නම් එය පුස්සක් පමණක් බවත් හෙතෙම කියා සිටියේ ලග්ගල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

“වරාය සේවකයෝ හඬ නගනවා රටට වැඩිම ආර්ථික දායකත්වය දෙන්නේ ඔවුන් කියලා. ඇති තරම් තරුණ තරුණියෝ ඉන්නවා වරායට දාන්න. අපිට තියෙන ප්‍රශ්නය වැඩ පුරුදු පුහුණු කර ගැනීමයි. වරායට, තෙල් සංස්ථාවට වගේම අනෙක් ආයතනවලටත් එන්න බලාගෙන ඒ අය පෝලිමේ සිටිනවා”

Post a Comment

0 Comments