සෞඛ්‍ය ඇමතිකම බාරගන්න මං සූදානම්…- රාජිත

 


තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

වර්තමානයේ රට පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ගොඩ ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලැබුණහොත් ඒ සඳහා උපරිමයෙන් කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

මේ අවස්ථාවේදී ජනතාවට අවශ්‍ය වන්නේ මැතිවරණ නොව ආහාර ඒ මහතා පැවසීය.

ඔහු මේ අදහස් පල කලේ කොළඹ මහාධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා පෙනී සිටීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

තවත් අමාත්‍යධුර කිහිපයක් පත් කරන බවට පළ වන වාර්තා පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට මන්ත්‍රීවරයා කියා සිටියේ ඕනෑම ආණ්ඩුවක් ඇමතිවරු පත් කරනවා මෙන්ම ඉදිරියේ එන ආණ්ඩුද ඒවා සිදු කරන බවය.

Post a Comment

0 Comments