එක් එක් ඉන්ධන වර්ගය අලෙවියෙන් රජයට ලැබෙන ලාභය පිළිබඳව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබා තිබුණි.
එහි දැක්වෙන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 338.37ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 373.85ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 324.96ක්, සුපර් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 462.74ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 292.34 ක් ආදි වශයෙන් සමස්ත පිරිවැය වැය වන බවය.
මෙහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 78.46ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 100.90ක, ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 53.40ක, සුපර් ඩීසල් ලීටරයකට රුපියල් 84.40ක හා භූමිතෙල් ලීටරයකට රුපියල් 3.65 ක බද්දක් පැනවේ.
ඒ අනුව රජය ලබන ලාභය සටහන් වන්නේ පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 1.63ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.15ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 4ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 2.26ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.66 ක් ලෙසය.
0 Comments