අද සිට ඉහළ යන පොලී අනුපාතික...

 

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 කින් හෙවත් 1% ඉහළ දැමීමට තීරණය කර තිබේ.


අද (03) සිට මෙම පොලී අනුපාතික ඉහළ යන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 


ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු සමග කරන ගනුදෙනුවලදී ගෙවනු ලබන පොලීය හෙවත්, නිත්‍ය තැන්පතු අනුපාතිකය 15.5% ක් දක්වා ඉහළ යනු ඇත. 


මහ බැංකුව ණය ලබා දීමේදී අය කරන පොලිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5% ක් දක්වා ඉහළ දමා තිබේ.

Post a Comment

0 Comments