යලි අරගලයක් අරඹනවා..

 


පළාත් පාලන ඡුන්ද විමසීම නොපැවැත්වීමට කටයුතු කළහොත් ඊට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට අරගලයක් ආරම්භ කරන බව නිදහස් ජාතික සන්ධානය සඳහන් කරයි.

එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසන්නේ පළාත් පාලන මැතිවරණය නොපැවත්වුවහොත් ඉදිරියේ පවත්වන ඕනෑම මැතිවරණයකින් ජය ගන්නා දේශපාලන කණ්ඩායමක් අනිවාර්යෙන් තුනෙන් දෙක බලයකින් ජයග්‍රහණය ලබන බවයි.

මැතිවරණයක් පැවැත්වූවහොත් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සොයා ගැනීමටවත් නොහැකි වන බව ද හෙතෙම කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments