ඡන්දය කල් දැමීම ගැන විවාද කිරීමට දින දෙකක්...

 

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් මාර්තු 9 සහ 10 යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය.


ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ඉල්ලීමකට අනුව ය.


පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රටේ ප්‍රබල විරෝධයක් පැන නැගී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ඇතිවීම වැදගත් බව විපක්ෂනායකවරයා එහිදී පෙන්වා දුන්නේය.


මේ අනුව මෙම විවාදය සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස පැවැත්වෙනු ඇත.


පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1) පස්වරු 1.30 ට රැස්විය.

Post a Comment

0 Comments