‌පෙන්ෂන් කැපුවොත් දැවැන්ත වර්ජනයක්...

 



මින් ඉදිරියට බඳවා ගන්නා රාජ්‍ය සේවකයන් සඳහා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය වහාම ඉවත් කර නොගන්නේ නම් එළැඹෙන සතියේදී සියලුම රාජ්‍ය සේවකයන් දැවැන්ත වැඩ වර්ජන ක්‍රියාවලියකට අවතීරණය වීමට තීරණය කර ඇත.


ඒ අනුව මේ සම්බන්ධයෙන් හෙට (02) දිනයේදී ජනාධිපතිවරයාට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලිඛිත දැනුම් දීමක් සිදු කරන බව රාජ්‍ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර පැවසීය.


කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය අනුව ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල නමින් අරමුදලක් පිහිටුවෙන අතර ඒ සඳහා සේවකයාගේ වැටුපෙන් සියයට අටක් සහ එම වැටුපට අදාළව සේවා යෝජකයාගෙන් සියයට දොළහක් මාසිකව අරමුදලට බැර කෙරේ.


එම නිසා මෙලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත නව විශ්‍රාම වැටුප් ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව සිදු කෙරෙන බවත් මෙම තීරණය කොයිම මොහොතකවත් ක්‍රියාත්මක වීමට ඉඩ ලබා නොදෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

Post a Comment

0 Comments