පසුගිය අයවැය විසින් 2023 පළාත් පාලන මැතිවරණයට වෙන්කරන ලද මුදල් රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලයට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම ද වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නම්කර තිබූ නීතිපතිවරයා වෙත මෙම අතුරු නියෝග නිකුත් කර ඇත.
0 Comments