මෙරට කම්මැලියෝ වැඩිවෙලා...

 

මෙරට සිටින සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයකු ක්‍රියාශීලී නොවන බවට හඳුනාගෙන තිබේ. 


බෝ නොවන සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ෂෙරින් බාලසිංහම් ප්‍රකාශ කළේ ලැප්ටොප් පරිගණක භාවිතය, රූපවාහිනිය නැරඹීමට ඇබ්බැහිවීම, ජංගම දුරකථනවලට ඇබ්බැහිවිම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි. 


මේ හේතුවෙන් හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග වැලඳීමේ අවදානම ඇති බවද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය. 


එළඹෙන අප්‍රේල් මාසය ක්‍රියාශීලී මාසය ලෙස නම් කර ඇති බවත්, එම මාසය තුළදී ආයතන මට්ටමින් ක්‍රීඩා වැඩසටහන් බෝ නොවන සෞඛ්‍ය කාර්යාලය සංවිධානය කර තිබේ. එසේම සියලු දෙනාම දිනපතා ව්‍යායාම කිරීමට පෙලඹීමෙන් බොහෝ රෝග වැලඳීම වළක්වා ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Post a Comment

0 Comments