අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධවන පරීක්ෂකවරුන් වෙත රුපියල් 2,000ක දෛනික යැපීම් දීමනාවක් ලබාදීමට අනුමැති ලැබී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පරීක්ෂකවරුන් සඳහා අන්තර්ජාලය හරහා අයැදුම්පත් කැදවීම මාර්තු 8 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි.
උත්තර පත්‍ර ඇගයීම් සඳහා පහළොස් දහසක පමණ පිරිසක් අයැදුම්කර තිබෙන නමුත් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය වැනි විෂයයන් සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් අයැදුම් කර නැත.
ගුරුවරුන් විශාල පිරිසක් අයැදුම් කර නැත්තේ දෛනික ඇගයීම් දීමනාව වැඩි නොකිරීම නිසාය. දීමනා වැඩි කිරීමේ නව තීරණය අනුව ඇගයීම් සඳහා ගුරුවරුන් අයැදුම් කරනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.
0 Comments