මවුස්සාකැලේ ජලාශයේ නටඹුන් මතුවෙයි...

 

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.


කාසල්රි ජලාශයේ ජල මට්ටම අද(03) දින පිටාර මට්ටමේ සිට අඩි 25 ක්ද, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 50 ක් පහළ බැස ඇති බව ඉංජිනේරුවන් පැවසීය.


මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහළ බැසිමත් සමග එම ජලාශය ඉදිකිරිමේ දී ජලයට යට වූ නටඹුන් රැසක් මේ වන විට මතුවෙමින් පවතී.

Post a Comment

0 Comments