දූෂණ නාස්තිය නැති නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැජික්වලින් රට ගොඩදාන්න බැරි බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගය විසින් ගම්පහ දී පැවති ජන හමුවක් අමතමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි පහළොවක් දමා ඇති බවත් ඉන්ධන විදුලි ගාස්තු ඉහල දැමීම, රුපියල පා කිරීම, රාජ්‍ය ආයතන විකිණීම ඇතුළු එම කොන්දේසි සම්පූර්ණ කර දැන් එම මුදල බලාගෙන සිටින බවද හෙතෙම පෙන්වා දෙයි.
මීට පෙරද 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහාය ශ්‍රී ලංකාව ලබාගෙන ඇතත් එම කිසි අවස්ථාවේ ආර්ථිකය ශක්තිමත් නොවූ බවද හෙතෙම පැවසීය.
හොරකම දූෂණය නාස්තිය නැති නොකර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැජික් පෙන්නුවට රට ගොඩ දැමිය නොහැකි බව ද හෙතෙම කියා සිටී.
මෙරට ආර්ථිකය ගොඩදැමීමට නම් නිෂ්පාදන ආර්ථිකයක් සකස් කර දේශපාලන සංස්කෘතිය වෙනස් කර කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතු ඇතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.


0 Comments