ජනපති සහ IMF අධ්‍යක්ෂවරිය අතර තීරණාත්මක සාකච්ඡාවක්...

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් සූම් යෙදවුම ඔස්සේ සිදු කර තිබේ.


එහිදී ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා වී ඇත.


ඒ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මේ වනවිට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ධනාත්මක සහ සුබවාදී පසුබිමක් ඊට අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවතින බවයි.


පසුගිය දා චීන අග්‍රමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාවට එක්වීම සුවිශේෂී තත්ත්වයකි.

Post a Comment

0 Comments