ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 10ක් ලංකාවට...

 

ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්‍ෂ 10 ක් කොළඹ වරායට ළඟා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.


එම බිත්තර තොගයට ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේය.


එම බිත්තර තොගය ද අනුමැතිය ලැබීමෙන් පසු බේකරි නිෂ්පාදන හා හෝටල් සඳහා නිකුත් කිරීමට නියමිතව ඇතැයි එම සංස්ථාව සඳහන් කළේ ය.


මීට පෙර ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 2 මේ වනවිට හෝටල් හා බේකරි නිෂ්පාදන සඳහා නිකුත් කරමින් ඇත.


බිත්තර මිලියන 30ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඉදිරියේදී වෙළෙඳපොළ අවශ්‍යතාව අනුව එම ප්‍රමාණය ආනයනය කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසූහ.


මේ තත්ත්වය තුළ ඉදිරි දින කිහිපයේදී බිත්තර මිල ගණන් අඩුවනු ඇති බව එම සංස්ථාව සඳහන් කළේය.

Post a Comment

0 Comments