උතුරු - නැගෙනහිර දෙපළාතේ අද හර්තාල්...

 

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව අද (25) උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්‍කම් මහතා සඳහන් කළේ, ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණදෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.


උතුරු - නැගෙනහිර හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් එම ප්‍රදේශවල පෞද්ගලික බස්රථ ධාවනයට ද බාධා එල්ල වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය

Post a Comment

0 Comments