ගාල්ල අක්මීමන ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.
අයගේ නිවසේ සිට මීටර් 100ක දුරින් පිහිටි තේ වත්තක තිබී මෙම මළ සිරුර හමුවී ඇත.
මළ සිරුරේ කැපුම් තුවාළ ඇති අතර ඇයගේ ගෙළ ප්‍රදේශයේද කැපුම් තුවාළ ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (25) උදෑසන ඇය තේ දළු කැඩීම සඳහා තේ වත්තට ගොස් සිටියදී මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලීසිය සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් විමර්ශන ආරම්භ කර තිබේ.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලට රැගෙනගොස් ඇත.
අක්මීමන පොලීසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

0 Comments