ගෝටාභය වගේම රනිල්ටත් කල පවුවලට වන්දි ගෙවන්න දෙනවා..

 


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් කළ පව් පල දුන් ආකාරයෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද කළ පව්වලට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ වුනියාවේ ආදි සිවන් කෝවිල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් යාපනයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම භූමිය පුරාවිද්‍යා ස්ථානයක් බවත් එහෙත් ඊට කිසිවකු ඇතුළු නොවිය යුතු බවටත් අධිකරණය නියෝග කිරීම නිසා එහි පූජා පැවැත් වූ කුරුක්කල්වරයාට එහි ගොස් පුද පූජා පැවැත්වීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවද හෙතෙම පවසයි.

අධිකරණ නියෝගයක් සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අංශ එම ස්ථානයට ගොස් එහි තිබූ කෝවිලේ ඉදිකිරීම් කඩා බිඳ දමා ඇති බවත් එය ඉතා නිර්ලජ්ජිත කියාවක් බවටත් හෙතෙම චෝදනා කරයි.


Post a Comment

0 Comments