ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමට කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂකවරයා එකඟ වී තිබේ.
කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී සහ අමාත්‍ය මනූෂ නානායක්කාර අතර අද(26) උදෑසන පැවැති සාකච්ඡාවේදී මේ එකගතාවය පළකර තිබේ.
කොරියානු රැකියා සඳහා 6500 ක රැකියා කෝටාවක් මෙරටට ලැබී තිබේ.
අද (26) පැවති සාකච්ඡාවේදී එම රැකියා කෝටාව ඉක්මවා කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට එකඟ වූ බව අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේය.
ලබන වසරේ සිට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය දැනට පවත්වන පරිගණක පදනම් කරගත් CBT ක්‍රමය වෙනුවට UBT ක්‍රමය ඔස්සේ පැවැත්වීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයා වෙත එකඟතාව පළකර තිබේ.


0 Comments