පාරිභෝගික අධිකාරි ඉතිහාසයේ එක් ආයතනයකට එරෙහි වැඩිම දඩමුදල වාර්තා වේ…

 


පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනයකට අනුව dengue antigen පරීක්ෂණය සහ FBC පරීක්ෂණය සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව පිළිවෙලින් රුපියල් 1200 ක් සහ 400 ක් වේ.

මෙම මිල සීමාව ඉක්මවා ඩෙංගු පරීක්ෂණය සහ FBC පරීක්ෂණය සඳහා ගාස්තු අය කළ කොළඹ පුද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩ මුදලක් නියම වී ඇත. ඒ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරී ඒකකය මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවක් 31 වන දින කැඳ වූ අවස්ථාවේදී ය. මෙම දඩ මුදල පාරිභෝගික අධිකාරිය ඉතිහාසයේ එක් ආයතනයකට එරෙහිව නියම වූ වැඩිම දඩ මුදල බව ද වාර්තා වේ.

උක්ත වැටලීම/විමර්ශනය කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරී ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී රන්ජන මහතාගේ මෙහෙයවීමෙන් සිදු වී ඇති බවත්, දිස්ත්‍රික්කය පුරා තවදුරටත් මෙවැනි විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවත් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වැඩිදුරටත් වාර්තා වේ.


Post a Comment

0 Comments