ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසකට හදිසි ස්ථාන මාරුවීම්...

 


වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලීසිය පවසයි.


ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ.


එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුර දක්වා මාරුකර තිබේ.


මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් පී මැදවත්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.


එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ් කේ ජයලත් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.


මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර් එල් කොඩිතුවක්කු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා සුභසාධක හා ක්‍ෂේත්‍ර බළකා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිසහායක සේවා ලෙස මාරුකර ඇත.


එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.


මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ් කේ සිල්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක හා ක්‍ෂේත්‍ර බළකා ලෙස මාරුකර තිබේ.

Post a Comment

0 Comments