ලංකාව ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත අතරට...

 



ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව 2023 වසරේ ලොව සංචාරය කළ යුතු ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාව එක්කර තිබේ.


ඒ සංචාරක විශේෂඥයින්ගේ මත විමසීමකින් අනතුරුවය.‍


එමී සම්මාන දිනූ සංචාරක කාන්තාවක් වන ජුලියානා බ්‍රොස්ටේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා හේතු සපයා තිබුණි.


කොළඹ අගනගරය, අලංකාර වෙරළ තීර, කෙත්යාය, දියඇළි, තැනිතලා, කඳුකර අත්දැකීම් ඇතුළු මෙරට සුන්දරත්වය පිළිබඳවත් මෙහි සිටින වන සතුන් සහ සංස්කෘතිය පිළිබඳවත් ඇය එහිදී සඳහන් කර තිබේ.

Post a Comment

0 Comments