මහ දවල් පාටි දැමූ අයිස් කල්ලිය අල්ලයි...

 

මහ දවල් කඩුවෙල රණාල ප්‍රදේශයේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා 11 දෙනෙක්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 


එහිදී සැකකරුවන් 7 දෙනෙක් සහ සැකකාරියන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය 06.850g ද පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබුණි.


අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 28-48ත් අතර අතුරුගිරිය, වත්තල, වැල්ලම්පිටිය සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචි අය වෙයි.


සැකකරුවන් වයස අවුරුදු 25-44ත් අතර වු රණාල, බියගම, මරදාන, හෝකන්දර, අතුරුගිරිය, වත්තල සහ කඩුවෙල පදිංචිකරුවන් ය.


අත්අඩංගුවට පත් පිරිස අතර පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකකරුවෙක් වන "චොරා" නැමැත්තාද සිටින බව පොලීසිය පැවසීය.


සැක පිට අත්අඩංගුවට පත් පිරිස අද (04) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment

0 Comments