ඝාතක සැකකරුවන් කොටු වූ හැටි...

 


පෑලියගොඩ මීගහවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය මාර්තු මස 30 වනදා මට්ටක්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම සැකැකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.


ඊයේ (24) පෑලියගොඩ මීගහවත්ත ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී එම සැකකරුන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 570 ද හමුව තිබේ.


මෙම සැකකරුවන් අවුරුදු 22, 23 සහ 32 වයස්වල පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

සැකකරුවන් ඊයේ (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.


Post a Comment

0 Comments