රජයේ රෝහල් තුළ රුධිරගත සීනී ප්‍රමාණය පරික්ෂා කිරීමට භාවිත කරන ප්‍රතික්‍රියක කට්ටල හිඟවීම හේතුවෙන්, වෛද්‍යවරුන් විවිධ වෙළද සන්නාම යටතේ ඒවා බාහිරින් මිලදී ගෙන එන ලෙස පැවසීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව වාර්තා වේ.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඇතැම් රෝගීන්ගේ රුධිර ගත සීනී ප්‍රමාණය පරික්ෂා කිරීම සඳහා අදාළ ප්‍රතික්‍රියක යොදා ගැනීම සිදු කරනු ලැබේ.
එහෙත් මේ වන විට උද්ගතව ඇති ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හමුවේ රෝහල් තුළ එම ප්‍රතික්‍රියක නොමැති තත්වයක් පවතින බැවින් රෝගීන්ට අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල සොයා විවිධ පිරිස් අධික මුදලක් වැයකරමින් බෙහෝ දුර බැහැර ගමන් කරන බව ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමයේ සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා සඳහන් කළේය.
අදාළ ප්‍රතික්‍රියක භාවිත කරමින් රුධිරගත සීනි මට්ටම පරික්ෂා කිරීමෙන් රසායනාගාර පරීක්ෂාවකට වඩා වැඩි මුදලක් වැයවන බවත් ඒ හේතුවෙන් රෝගීන්ට ද සහනයක් සලසා දෙමින් රෝහල් තුළ රසායනාගාර පරික්ෂාවන් හරහා රුධිරගත සීනි මට්ටම පරික්ෂා කිරීමට ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.
0 Comments