පවත්නා අයහපත් කාළගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙම නායයෑමේ අවදානම බලපවතිනු ඇත.
හෙට(05) පස්වරු 5 දක්වා මෙම අවදානම් නිවේදනය බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කරයි.
0 Comments