මාසිකව ත්‍රිපෝෂ පැකට් දහ නව ලක්ෂයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයන බවත් ඒ අනුව අප්‍රෙල් මාසය දක්වා අවශ්‍ය වන ත්‍රිපෝෂ සපයා ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති කීර්ති කුලරත්ත ඊයේ (03) පැවැසීය.
බඩ ඉරිගු මෙට්‍රික් ටොන් ඒක්දහස් දෙසියයක් සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 350ක් ත්‍රිපෝෂ නිෂ්පාදනයට ලෝක ආහාර සංවිධානය විසින් නොමිලේ ලබාදුන් බවද සභාපතිවරයා සඳහන් කළේය.
මෙරට මාසික ත්‍රිපෝෂ අවශ්‍යතාව පැකට් ලක්ෂ 19ක් වන අතර, රටපුරා වෙසෙන සියලුම ගර්භණී කතුන්, කිරි දෙන මව්වරුන්, ළමා සහ ළදරුවන් සඳහා ත්‍රිපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මගින් සපයයි.
සිය සමාගම විසින් අදාල ප්‍රමිතියට සහ නිර්දේශවලට අනුකූලව ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන බවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන සායන සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ තොග සැපයීමට පියවර ගෙන තිබෙන බවත් සභාපතිවරයා පැවැසීය.
0 Comments