රග්බි නඩුවට දුන් නියෝගය...

 

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.


ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් 2022 වසරේ අප්‍රේල් මස 01 වනදා එවක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.


එම ගැසට් නිවේදනය නීතියට පටහැනි ලෙස නිකුත් කර ඇති බවත් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉලියාස් විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබේ.


ඒ අනුව අද(03) එම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන පවසා ඇත්තේ එම ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇති බවය.


අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවා තිබුණි.


එහිදී අදාළ පෙත්සම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම්දීම සඳහා අදාළ පෙත්සම මේ මස 06 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.

Post a Comment

0 Comments