පන්ජාබ් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර අද (01) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 7කින් ජයගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ලබාදුනි.
ඒ අනුව, පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 191ක් රැස් කළේය.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 50ක් රැස්කළ අතර නායක ශිකර් ධවාන් ලකුණු 40ක් රැස්කළේය.
පන්දු යැවීමේදී ටිම් සවුති කඩුලු 2ක් දවාගත්තේය.
ලකුණු 192ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 146ක් ලබාගෙන සිටියදී තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල විය.
0 Comments