ශිෂ්‍යත්වය අසමත් 146ක් ඉහළින්ම සමත්වෙයි...

 



පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර නැවත සමීක්ෂණයෙන් පසු සිසුන් 146 දෙනෙකු සමත් වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පැවසීය.


2022 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඉන් අසමත් වූ සිසුන් 25157 දෙනකුට විදුහල්පතිවරුන් අභියාචනා ඉදිරිපත් ​කොට තිබූ බවත් ඒ අතරින් සිසුන් 867 දෙනෙකුගේ ලකුණු මට්ටම වෙනස් වූ බවත් ඔහු සඳහන් කළේය.


මෙසේ ලැබුණු අභියාචනා අතරින් 20334 සිංහල මාධ්‍යයෙන් ලැබුණු ඒවා වූ අතර 4823ක් දෙමළ මාධ්‍ය අයදුම්කරුවන්ගෙන් ලැබුණු අභියාචනායි.


ඒ අනුව මෙම සිසුන් 146 දෙනා තෝරා ගැනීමේදී ඔවුන් ඇතුළත් දිස්ත්‍රික් කඩයිම් ලකුණු සීමාවන් සලකා පිළිතුරු පත් නැවත පරීක්ෂාව සිදු කළ බවද සඳහන් කළේය.


එහිදී ශිෂ්‍යත්ව විභාගය ජයගත් මෙම සිසු සිසුවියන් 146 දෙනා අතරින් අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙන බවත් ඔවුන් ලැබූ ලකුණු මට්ටම්වලට අදාළව ජනප්‍රිය පාසල්වලට අයැදුම් කිරීමේ අවස්ථාව සලසා දෙන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.


ශ්‍රී ලංකා විභාග දෙපාර්ත​මේන්තුවේදී ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී විභාග ​කොමසාරිස් ජනරාල්වරයා මෙම කරුණු අනාවරණය කළේය.

Post a Comment

0 Comments