රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සන්තකයේ තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ විගණන නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයා ව්‍යාජ දහසේ නෝට්ටුවක් ලබාදී වැල්ලව ප්‍රදේශයේ වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගැනීමට උත්සහ කර ඇති අතර, එහිදී ව්‍යාපාරිකයාට ඇතිවූ සැකයක් මත කළ පැමිණිල්ලකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වෙසෙන කුඹුක්වැව, සිංහරාජ ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 16ක් පොලිසියට හමුවී තිබේ.
වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් අනුව වැල්ලව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
0 Comments