නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා නිකුත් කළ ලිපියක් හේතුවෙන් නතර වී තිබූ ශ්‍රී ලාංකික හෙද හෙදියන් සිංගප්පූරු රැකියා කෝටාව යළි අරඹා ඇත.
එහි පළමු කණ්ඩායම ලෙස හෙද හෙදියන් තිස්හය දෙනකු සිංගප්පූරුව වෙත පිටව ගොස් තිබේ.
එම කණ්ඩායම පිළිගැනීමේ උත්සවය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් රෝයල් හෝටලයේදී පැවැත්විණි.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෂිකලා ප්‍රේමවර්ධන, එහි කම්කරු අංශයේ උපදේශක නිපුණ තිබ්බටුමුණුව යන අයගේ මැදිහත්වීමෙන් එම රැකියා කෝටාව යළි මෙලෙස හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලාංකික හෙද හෙදියන් දෙසිය දෙනකුට එරට රැකියා හිමිවන අතර ඉදිරි දිනවල සෙසු පිරිස එරටට ළඟාවීමට නියමිතය.

0 Comments