පොළවට ගිලා බසින නගරය...

 



අමෙරිකාවේ ජනාකීර්ණම නගරයක් වන නිව්යෝර්ක් නගරය පොළවට ගිලා බසිමින් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.


පර්යේෂකයින් පවසන්නේ නගරයේ ඉදිකර ඇති උස් කුළුණු සහ ගොඩනැගිලිවල බර හේතුවෙන් නගරය මෙලෙස ගිලා බසිමින් පවතින බවයි.


දත්තවලට අනුව නිව්යෝර්ක් නගරය වසරක කාලයක් තුළ මිලිමීටර් 1ත් 2ත් අතර සැලකිය යුතු අගයකින් ගිලා බසිමින් පවතී.


හරිතාගාර ආචරණය හේතුවෙන් ලොව වටා ග්ලැසියර දියවෙමින්, සාගර ජල මට්ටම ඉහළ යමින් පවතින අතර, එමගින් ද නිව්යෝර්ක් ගිලා බැසීම තීව්‍ර වන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.


නිව්යෝර්ක් ආසන්නයේ සාගර ජල මට්ටම 1950 දී පැවති අගයට වඩා සෙන්ටිමිටර් 22කින් ඉහළ යමින් ඇතැයි ද මේ වාර්තාවන් හි සඳහන්ව තිබේ.


මෙම අවදානම හමුවේ නිව්යෝර්ක්හි වෙසෙන මිලියන 8.4ක ජනතාවට ජල ගැලීම් වැනි ස්වභාවික ආපදාවන්ට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවනු ඇති බව විද්‍යාඥයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Post a Comment

0 Comments