නීති විරෝධී ලෙස රත‍්‍රං සහ ජංගම දුරකතන තොගයක් මෙරටට රැගෙන එමින් සිටියදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා සඳහන් කරන්නේ අදාළ භාණ්ඩ තොගය තමන්ගෙන් නොවන බවයි.
එම භාණ්ඩ තමන් සමග ගිය හිතවතෙකුගේ බවත් ඔහු විසින් තමන්ගේ ගමන් මළු තුළ ද තමන් නොදැනුවත්ව එම භාණ්ඩ ආසුරා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ඒවා ගුවන්තොටුපොළේ දී රේගුව විසින් අත්අඩංගුවට ගත් විට තමන් ජනාධිපති ලේකම්වරයාටත් අග්‍රාමාත්‍ය ලේකම්වරයාටත් කතා කලද ඔවුන්ගෙන් තමන් නිදහස් කර ගැනීමට කිසිදු සහායක් නොලද බවත් හෙතෙම කියා සිටියේය.
ඒ හේතුව මත අද පාර්ලිමේන්තුවේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන ආ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

0 Comments