මෝඩාභිමානය නම් වැඩසටහනක දී බුදුදහමට ප්‍රසිද්ධියේ අපහාර කරද්දී නතාෂා එදිරිසූරිය නම් කාන්තාවගේ එම ප්‍රකාශයන්ට අත්පොළසන් දෙමින් කොක්හඬලා සිනාසුණා අය පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
ඇය විසින් එම ප්‍රකාශ හිතාමතාම සිදුකර ඇති බවත් ඇයට ඒ සඳහා උපදෙස් දුන් පුද්ගලයන් ගැන ද පොලිස් විමර්ශනවලින් හෙළි කර ගනිමින් ඇත.
මෙම සිද්ධිය ගැන විමර්ශනය කිරීමේ දී ඉදිරියේදී තවත් අය අත්අඩංගුට ගැනෙනු ඇති බවද වාර්තා වෙයි.
මේ අතර ත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිදරව් කරගෙන තිබේ.
ඇය විසින් වේදිකාවේ ඉදිරිපත් කරන්නේ තවත් පුද්ගලයකු විසින් සකස් කරන ලද පිටපතක් බවද ඇය සඳහන් කර ඇත.
ඒ අනුව එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

0 Comments