පොලිස් අත්අඩංගුවේ සිටි කාන්තාවක් හදිසියේ මියයයි...

 

පානදුර උතුර පොලිසිය අද (24) රාත්‍රි අත්අඩංගුවට ගත් කාන්තාවක් හදිසියේ අසනීපව ජීවිතක්ෂයට පත්ව ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, දිග්ගල ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිනී නමැති 52 හැව්රිදි කාන්තාවක බව පොලිසිය පැවසීය.


එම කාන්තාව නීති විරෝධී මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිස් කණ්ඩායමක් අද (24) රාත්‍රි ඇගේ නිවස වටලා තිබේ.


එහිදී සැකකාර කාන්තාව නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එන අතරතුර හදිසියේ අසනීපව ඇති බව පොලිසිය කියයි.


ඒ අනුව අදාල කාන්තාවගේ පවුලේ ඥාතීන් කැඳවා රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර, රෝහල් ගතකිරීමේදී ඇය මියගොස් ඇති බව පොලිසිය පැවසීය.


මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Post a Comment

0 Comments