ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අර්බුද දිගින් දිගටම පැවතියහොත් වරාය නගරයේ සංවර්ධන කටයුතුවලටද දැඩි බලපෑමක් සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සහාධිපත්‍ය දේපළකරුවන්ගේ සංගමය සමඟ බත්තරමුල්ල, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයන කිරීම මගින් සංවර්ධන කරුවන්ට සාධාරණ මිලකට ඒවා ලබාදීමට හැකි අතරම ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවට අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරියේ සභාපති නීතීඥ සරණ කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ ඇමරිකානු ඩොලරය සියයට 75න් පමණ අවප්‍රමාණය වී තිබියදීත් යකඩ, සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
ආනයනික ඉදිකිරීම් අමුද්‍රව්‍යවලට අමතරව දේශීය ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිලද වැඩිවීම නිසාවෙන් අලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමට හෝ ඉදිකිරීම් අවසන් කිරීම දූෂ්කරවී ඇති බවද ඔහු කීය. පවතින තත්ත්වය මත ඉදිකිරීම් කේෂ්ත්‍රෙය් නියුතු මිලියනයකට පමණ සෘජු හා වක්‍ර රැකියා අවස්ථාවන් අහිමීවී තිබෙන බවද සභාපතිවරයා පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අර්බුද දිගින් දිගටම පැවතියහොත් වරාය නගරයේ සංවර්ධන කටයුතුවලටද දැඩි බලපෑමක් සිදුවන බවයි.
එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් ඇතිවී තිබෙන අර්බුද විසඳා ගත හැකි ක්‍රමවේද පිළිබදව මෙන්ම ඉදිකිරීම් කේෂ්ත්‍රය සංවර්ධනය කළ හැකි ආකාරයේ ව්‍යාපාරික සැලැස්මක් සකස් කිරීම පිළිබඳවද දැඩි අවධානය යොමුකළ යුතු බවද හෙතෙම කීය.
කොරෝනා වයිරස ව්‍යාප්තියෙන් රටේ සමස්ත ඉදිකිරීම් කේෂ්ත්‍රයම කඩා වැටුණි. නමුත් මේ වනවිට මෙරට ඉදිකිරීම් වැඩ බිම් වල කටයුතු ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද, සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරියේ සභාපති නීතීඥ සරණ කරුණාරත්න, ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති චමිල හේරත්, සහාධිපත්‍ය දේපළකරුවන්ගේ සංගමයේ සභාපති බී. ප්‍රේමලාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
0 Comments