ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණ තිබේ.
ඒ්, අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවනි.
ඒ අනුව ප්‍රභාත්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ හිමිව ඇති නවතම ස්ථානය වන්නේ 13 වන ස්ථානයයි.
ප්‍රසාද ලකුණු 721ක් ලබාගනිමින් ඔහු ස්ථාන 06ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
මේ අතර රමේෂ් මෙන්ඩිස් ද එහි ප්‍රසාද ලකුණු 626ක් හිමිකරගෙන ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 22 වන ස්ථානයේ රැඳී සිටී.
එසේම ප්‍රභාත් ජයසූරිය අප්‍රේල් මාසයේ ක්‍රීඩකයා තෝරාගැනීමේ නිර්දේශිත නාම ත්‍රිත්වය තුළට ද ඇතුළත් කර තිබේ.
0 Comments