ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජුනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය 2023 ජුනි මාසය සදහා 12.0%ක් දක්වා පහත වැටී ඇත. එය 2023 මැයි මාසය සඳහා 25.2 % ලෙස වාර්තා වී තිබුණි..
2023 ජුනි මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 4.1 % දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර 2023 මැයි මාසයේ දී එය වාර්තා වුයේ 21.5 %ක් ලෙසයි.
එමෙන්ම, ජුනි මාසය සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)16.2 % ක් දක්වා පහත වැටී ඇති අතර එය 2023 මැයි මාසයේ දී 27.0 % ලෙස වාර්තා විය.
0 Comments