වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරී නීතිඥ බැංකු ඇතුළු වෘත්තය ආයතන වල සාමාජිකත්වය දරන සියලු දෙනාට අදාළ වන ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව අද දින සිට ක‍්‍රියාත්මක වන පරිදි එකී ආයතන වල සාමාජිකත්වය දරන සියල්ලන් දේශීය ආදායම් කොමසාරිස් වරයා වෙත ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇත.
එසේ ලියාපදිංචි වීම අනිවාර්ය ඇති වෘත්තිකයන් මෙසේය.
- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
- ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
- ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
- ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
- ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
- මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
- ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
- මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඔ්නෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
- දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඔ්නෑම අයෙකු
- ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඔ්නෑම අයෙකු
ඊට අමතරව මෙම වසරේ දෙසැම්බර් 31 වන දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති සියලු දෙනා ද මෙම මේ යටතේ ලියාපදිංචි වීමට නියම කර තිබේ
0 Comments