මිනිස් සිරුරු කොටස් සහිත පොලිතීන් බෑග් 45ක් බටහිර මෙක්සිකෝවේ තිබී සොයාගෙන තිබේ.
බටහිර මෙක්සිකෝවේ ග්වාදලහාරා ප්‍රදේශයෙන් එම සිරුරු කොටස් හමුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එම සිරුරු කොටස් ගැහැණු සහ පිරිමි පුද්ගලයින්ගේ බවට සැකකරයි.
එරට ආරක්ෂක අංශ සැකකරන්නේ, මෙම සිරුරු කොටස් පසුගිය මැයි මාසයේ අතුරුදන්වූ ඇමතුම් මධ්‍යස්ථානයක සිටි සේවකයින් 7 දෙනෙකුගේ බවය.
කෙසේවෙතත් සොයාගන්නා ලද එම සිරුරු කොටස් පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.
0 Comments