ජපන් ව්‍යාපෘති යලි ඇරඹෙයි..

 



ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මෙන්ම ජපන් ණය මත ක්‍රියාත්මක දැනට අත්හිටුවා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ප්‍රගතිය මත බව ජපාන තානාපති කාර්යාලය පවසයි.


ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍ය පහසුකම් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක සැහැල්ලු දුම්රිය පද්ධතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීම සිදුකොට තිබේ.


මාලඹේ සහ කොළඹ කොටුව යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිත අතර යහපාලන රජය මගින් ආරම්භ කිරීමට තීරණය කරන ලද මෙම ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය මගින් නැවත්වීමට තීරණය කරනය කර ඇත.


පසුගියදා පැවති ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට යෝජනා කළ බව සඳහන්.


ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය සිටින අතරතුර දැනට නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහ නව ව්‍යාපෘති ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලනු ඇතැයි ජපාන තානාපති කාර්යාලය පවසා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Post a Comment

0 Comments