සුප් සමග ගුටි දන්සලක්.. අයෙක් මරුට..

 

ඇහැලියගොඩ ප්‍රදේශයේ සුප් දන්සලක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මරණයට පත් වූ පුද්ගලයා මුදල් ගැටළුවක් මත එම ස්ථානයේදී ඇතිකරගත් ආරවුලක් අතරතුර එම දන්සලේ සිටි අයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දීමෙන් මෙම මරණය සිදු වී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අයකු බවයි.

මරණය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇහැලියගොඩ පොලීසිය පරීක්ෂණ කරමින් සිටී.

Post a Comment

0 Comments