අධික ලෙස බීමත්ව කලහාකාරී හැසිරෙමින් පුද්ගලයකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිමිනමක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශරීරය රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
අදාල හිමිනම බීමත්ව කලහාකාරී ලෙස හැසිරෙමින් පහර දුන්නේ යැයි පවසමින් පුද්ගලයකු අනුරාධපුර මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.
එසේ පහර දීමත් සමග දායකයන් එක්ව හිමි නම අල්ලා ගස් බැඳ පොලිසිය දැනුවත් කළ පසු පොලිස් නිලධාරීන් ගොස් හිමිනම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අදාළ හිමිනම සඳහන් කර ඇත්තේ දායකයන් පිරිසක් එක්ව තමන්ට පහර දුන් බවයි.
0 Comments