පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට විරෝධය පළකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා සඳහන් කළේ ඒ පිළිබඳව හෙට (05) දිනයේදී පළාත් පාලන අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දෙන බවය.
පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු පත්කිරීමට පළාත් පාලන අමාත්‍යංශය පපුගියදා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අදාළ තීරණය මගින් සිදුවන්නේ පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයකට ලක්වීම බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.
එමගින් සෙසු දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට අසාධාරණයක් වන බවට විවිධ පාර්ශ්ව වෙතින් ලැබීඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
නීතිඥ නිමිල් ජී පුංචිහේවා සඳහන් කළේ ඒ අනුව, පළාත් පාලන අධීක්ෂණය සඳහා නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට මැතිවරණ කොමිසම විරෝධය පළකරන අතර පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය සහ අවශ්‍ය තොරතුරු අදාළ පළාත් පාලන ආයතනයේ නාගරික කොමසාරිස්රවයාගෙන් හෝ ලේකම්වරයාගෙන් ලබා හැකි බවය.
0 Comments