දේශීය ණය ප්‍රමාණය හරි ආකාරයෙන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට හැකි වුවොත් පොලී අනුපාත පහළ යනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
ව්‍යාපාරිකයන්ට ඒ හරහා සහනයක් ලැබෙන බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් මේ සියලු දේ තීරණය වන්නේ රජයේ යෝජනාවලිය අනුව ඔහු කියා සිටී.
මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට දිනයේ බැංකු ප්‍රධානීන් ඇතුළු අදාළ ප්‍රධානීන් කැදවා ඇති බවද පැවසූ සෙනසුරාදා දිනයේ මේ පිළිබඳ යෝජනාවට සංශෝධන ඇත්නම් ඒවාද ඉදිරිපත් කර පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිත බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
කොලඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
0 Comments