හර්ෂගේ කමිටුව ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව අනුමත කරයි..

 



දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉදිරිපත්වී තිබෙන යෝජනාවට රජයේ මුදල් කාරක සභාවේ දී අද අනුමැතිය හිමිවී තිබේ.

එහි සභාපති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස් වීමෙන් පසුව මෙම ඡන්ද විමසීම පැවැත්වී ඇත.

යෝජනාවට විරුද්ධව එහිදී ලැබී ඇත්තේ ඡන්ද 5ක් පමණි.

සභාපති හර්ෂ ද සිල්වා මහතා ද යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කොට නැත.

Post a Comment

0 Comments