එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සාකච්ඡාවට කමිටුවක්...

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ සමතය සම්බන්ධයෙන් සාකච්ඡාවට විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ.


ඒ, අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්වයි.


ඊයේ (05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම කණ්ඩායමට අනුමැතිය හිමි වී තිබේ


නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කණ්ඩායම ක්‍රියාත්මක වෙයි.


කණ්ඩායමේ සෙසු සාමාජිකයින් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම්වරයා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා, ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සහ ඕස්ට්‍රේලියාවේ නීති උපදේශකවරයා කටයුතු කරනු ලබයි.

Post a Comment

0 Comments