ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පරිභෝජනයේ ප්‍රශංසනීය අඩුවීමක් පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි. එය බොහෝ දුරට වසංගත තත්ත්වය සහ ජීවන වියදමේ වැඩිවීම නිසා යැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා පැවසීය. ලෝක දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් පසුගිය මැයි 31 දිනට යෙදී තිබුණු ලෝක දුම්වැටි විරෝධී දිනය සැමරීම වෙනුවෙන් පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගෝලීය වැඩිහිටි දුම්කොළ සමීක්ෂණයේ ප්‍රතිඵල එළිදක්වමින් සහතිකපත්‍ර ප්‍රදානයද මෙදින සිදු සිදුකෙරිණි.
දුම්කොළ හා දුම්වැටි ව්‍යාප්තිය නිරීක්ෂණය කිරීමේ වැදගත් පියවරක් ලෙස මෑතකදී ආරම්භ කළ ගෝලීය වැඩිහිටි දුම්කොළ සමීක්ෂණයේ ,සමීක්ෂණ ප්‍රතිඵල ලෙස මෙම දුම්කොළ පරිභෝජනය අඩු වීම පෙන්නුම් කරන බව අමාත්‍යවරයා කීය.
එහෙත් මෙම ගැටලුව තවමත් ශ්‍රී ලංකාවට අභියෝගයක් යැයි ද එය ජය ගැනීම සඳහා කුමන ආකාරයක වුවද දුම්කොළ පරිභෝජනය තවදුරටත් අඩු කිරීමට උත්සාහ ගත යුතු යැයිද ඒ මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා.
‘අපට අවශ්‍ය වන්නේ ආහාර මිස දුම්කොළ නොවේ. මේ වසරේ ලෝක දුම්වැටි විරෝධතා දිනයේ තේමාව සැබෑ අරුතක් දෙන සහ ලෝකයට අර්බුදයක් ගෙන එන නිෂ්පාදනයක් අත් හැරීම වෙනුවෙන් වෙන අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමයි.
මෙය ක්‍රියාවට නැංවීම ඉහළ සිට පහළට කරගෙන යා යුතු වෙනවා. ප්‍රථමයෙන් ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් මෙම අවශ්‍යතාවය හදුනාගෙන ඔවුන් මෙම වෙනස ආරම්භ කළ යුතුයි. අධ්‍යාපන වැඩසටහන් හා දිරිගැන්වීම් පහළ මට්ටමේ පිරිසට ගෙන යා යුතුයි. දුම්කොළ වගා කරන ගොවීන් සඳහා විකල්ප බෝග හඳුන්වා දෙමින් මනුෂ්‍ය සංහතියට අහිතකර වන්නාවු මෙම පරිභෝජනය වැළැක්වීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි. දුම්කොළ පරිභෝජනය සමග ඇතිවන හානිකර බලපෑම් ආර්ථික වශයෙන් ස්ථිරසාර වෙනස් කිරීමට කටයුතු කළ යුතුයි.
ශ්‍රී ලංකාව තුළ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය , දුම්කොළ පරිභෝජනයට එරෙහිව දැඩිලෙස ක්‍රියාත්මක වෙමින් සිටී. දුම්කොළ පාලනය පිළිබඳ ප්‍රතිපත්ති රාමු සම්මුතිය අනුමත කළ ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව වීම අපට මහත් අභිමානයකි. විවිධ ක්‍රමෝපායන් හා සහයෝගී ප්‍රයත්නයන් තුළින් දුම්කොළ පරිභෝජනය අවම කිරීමට සහ අපගේ ප්‍රජාවේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අපි රජයක් වශයෙන් උනන්දුවෙන් කටයුතු කර තිබේ.
දුම්කොළ ආශ්‍රිත ඵලදායි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා ඒ ඉල්ලුමට අනුව සැපයුම අඩු කිරීම යන කාරණා දෙකේම අපි ක්‍රියාත්මක විය යුතුයි.
මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල්ද අල්විස්, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ඇලන් ලුඩෝවයික් යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
0 Comments