මතීෂ හෙට ක්‍රිකට් පිටියට...

 

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරගය හෙට (02) හම්බන්තොට දී පැවැත්වෙයි.


එම තරගය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව කැඳවීමට බලාපොරොත්තු වනබව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසීය.


ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී ගැනීමට හැකිය.


ඊට අමතරව තවත් ස්ථාන 2කදී ප්‍රවේශපත්‍ර මිලදීගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 


දෙරට අතර එක්දින තරගාවලිය ජුලි මස 02 වනදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසින් පෙ.ව. 10.00 ට ආරම්භ වෙයි. 


මෙම තරගාවලියේ දෙවැනි තරගය ජුලි 04 වනදා සහ තෙවැන්න ජුලි 07 වනදාත් හම්බන්තොටදී පැවැත්‌වීමට නියමිතය.

Post a Comment

0 Comments